Advertisements

ඉන්දුනීසියානුවන් 76ක් මීගමුවේදී අත්අඩංගුවට

අද (20) දින පස්වරුවේදී ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලද බුද්ධි තොරතුරු මත එහි විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා පහසුකම් යටතේ මෙරටට පැමිණ ඇති අතර ඉන් 36 දෙනෙකුගේ වීසා කාලය කල් ඉකුත් වී ඇති බවත් අනෙක් 40 දෙනා වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස රැදී සිටි බව එම දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජගේ උපදෙස් මත වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest