Advertisements

මරණ දඬුවම නියම වූ දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කරන්න අවසර

මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් මේ මස (23) වැනිදා පෙරවරු 10.00ට බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අල්ලස් කොමිසමට නියෝග කළේය.

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීමට, රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest