ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත.
ඒ අනුව පළමු කිලෝමීටරයක් සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර කිලෝමීටරයක නව ගාස්තුව රුපියල් 110ක් දක්වා ඉහළ යයි.
ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 85ක්ව පැවැති ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව එම අධිකාරිය සඳහන් කරයි.
