අත්‍යවශ්‍ය භාවිතයන් සඳහා ඉන්ධන සංරක්ෂණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් දැක්වෙයි.
*අධිවේගී මාර්ගයේ වේග සීමාවන් අවම වශයෙන් පැයට කිලෝමීටර 10කින් අඩු කිරීම.
*හැකි සෑම අවස්ථාවකම නිවසේ සිට වැඩ කිරීම.
*විශාල නගරවල මාර්ග භාවිත කිරීමේදී පෞද්ගලික වාහන සඳහා විකල්ප යෝජනා කිරීම.
*පොදු ප්‍රවාහනය භාවිත කිරීම දිරිමත් කිරීම.
*මෝටර් රථයක එකතු වී ගමන් කිරීම සහ කාර්යක්ෂම රිය පැදවීමේ පිළිවෙත් අනුගමනය කිරීම.
*වාණිජ භාණ්ඩ බෙදා හැරීමේදී කාර්යක්ෂමව රිය ධාවනය කිරීම.
*ගුවන් ගමන් අවම කරන්න.
*ප්‍රවාහන කටයුතු සඳහා LP ගෑස් භාවිතයට නොගැනීම.
*හැකි සෑම විටම ඉවුම් පිහුම් සඳහා වෙනත් ක්‍රමවේද භාවිතයට යොදා ගැනීම.
*ඛනිජ රසායනික අමුද්‍රව්‍ය සමග නම්‍යශීලීභාවය භාවිත කිරීම සහ කෙටි කාලීන කාර්යක්ෂමතාව සහ නඩත්තු පියවර ක්‍රියාත්මක කිරීම.
*රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.
*අනවශ්‍ය ගමන් බිමන් සහ විනෝද චාරිකා යාමෙන් වැළකී සිටීම.
මේ වනවිට මැද පෙරදිග කලාපයේ පවතින යුද්ධය හමුවේ ඉන්ධන වෙළෙඳපොළට එල්ල වන බාධා හේතුවෙන් පාරිභෝගිකයින්ට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත.
මේ අතර ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළේය.

