මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවක් පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සිය රට තුළ අඛණ්ඩ බලශක්ති සැපයුමක් පවත්වා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව = ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි යැයි පවතින භීතිය හේතුවෙන් ඉන්දියාවේ ජනතාව නොසන්සුන්තාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ධන ලබා ගැනීමට සහ ගෑස් ලබාගැනීම සඳහා දිගු පෝලිම් ඇතිවි තිබෙන අතර එහි හැකි නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා ඇත.
පිලිපීනය = පිලිපීන ජනාධිපති කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාකෝස් බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය.
ගුවන් යානා ඉන්ධන හිඟය හේතුවෙන් ගුවන් යානා ගුවන් ගත කිරීමට නොහැකි වනු ඇතැයිද, පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කරයි.
වර්තමාන පරිභෝජන මට්ටම් මත පදනම්ව රටට දින 45ක පමණ ඉන්ධන සැපයුමක් ඇති බව එරට බලශක්ති ලේකම් ෂැරන් ගැරින් සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාව = ඉන්ධන මිල පසුගිය කාලය තුළ අවස්ථාවන් කිහිපයකදී ඉහළ දැමු අතර ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග ඉන්ධන සඳහා බදු සහන ලබාදීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ අවධානය යොමුව ඇත.
බංග්ලාදේශය = ගුවන් යානා ඉන්ධන මිල 79%කින් විශාල ලෙස ඉහළ නංවා ඇති බවත් එය මෙම මාසය තුළ මිල වැඩි කළ දෙවන අවස්ථාව බව සඳහන් කරයි.
මේ අතර බංග්ලාදේශයේ විවිධ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම්ද ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චිලී රාජ්‍යය = චිලී රාජ්‍යයේ ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ දැමීමට එරට බලධාදාරීන් කටයුතු කර ඇති අතර අද (26) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් මිල 30% කින් සහ ඩීසල් මිල 60% කින් ඉහළ දමා ඇත.
පකිස්ථානය = ඉන්ධන සංරක්ෂණය සඳහා පියවර ගෙන ඇති අතර සති කිහිපයක් ඇතුළත රටේ පෙට්‍රල් සහ ඩීසල් සංචිත ක්ෂය වීම හේතුවෙන් පාසල් වසා දමා රජයේ කාර්යාල සඳහා දින හතරක වැඩ සතියක් හඳුන්වා දී ඇත.

