ඉන්ධන නිකුත් කිරීම සඳහා නව “QR” ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඒ අනුව නව “QR” ක්‍රමවේදය කෘෂි කර්මාන්තය සහ තවත් පාර්ශ්ව කිහිපයක් සඳහා ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇති බවත් මේ සඳහා වාහන රහිත “QR” ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව එම සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා සඳහන් කරයි.
ගොවීන්, ධීවරයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක ඉන්ධන අවශ්‍යතා සඳහා මෙම “QR” ක්‍රමවේදය නිර්මාණය කරන බවත් මේ වනවිට නව “QR” ක්‍රමවේදය නිර්මාණය කරමින් පවතින බවද සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා සඳහන් කරයි.
ග්‍රාමසේවක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සම්බන්ධව දැනුවත් කර මෙම නව “QR” ක්‍රමවේදය නිර්මාණය කර ගත හැකි බවත් මෙම නව “QR” කේතය එම පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට නිර්මාණය වන බවද සභාපතිවරයා සඳහන් කරයි.
නව “QR” කේතය ක්‍රම කිහිපයක් යටතේ නිර්මාණය වන බවත් ඒ අනුව එහි කාණ්ඩ 7ක් යටතේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවත් මෙම කාණ්ඩ සඳහා ඉන්ධන කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.

