අඹතලේ ජල පවිත්රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් හෙට (29) දිනයේදී ප්රදේශ කිහිපයකට පැය 05ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්රදේශයන් හී ප්රදේශ කිහිපයකට පැය 05ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
හෙට පෙ.ව.9.00 සිට ප.ව. 2.00 දක්වා කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව රාවතාවත්ත, සොයිසාපුර ආදී ප්රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදුකරයි.

