ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඉන්ධන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කර ඇත.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉන්ධන සැපයුම් බාධා පිළිබඳව දින කිහිපයකට පෙර තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී ඉන්දියාවේ කඩිනම් සහයෝගයට තමන් කෘතඥ වන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
සිය “X” ගිණුමේ සටහනක් තබමින් අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (28) මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක නෞකාවක් පැමිණි බවත් මේ සම්බන්ධව තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්ට සිය ස්තූතිය පළ කරන බවත් ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව ඇත.

