විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මස (09) වන ඉරුදින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අද (30) සිට අප්‍රේල් මස (30) වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම අයදුම්පත් කැඳවනු සිදුකරන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පෞද්ගලික පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් විභාගයට ඉදිරිපත් විය හැකිය.
අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගතව වන අතර අදාළ උපදෙස් https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.
ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ අඩු ආදායම් සහිත 2027 ජනවාරි මස (31) වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් සඳහා පමණක් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

