සංශෝධිත නව විදුලි ගාස්තු පිළිබද තීරණය එළඹෙන මැයි මස (09) වැනිදා ප්රකාශයට පත්කිරීමට නියමිත බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
2026 අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බවද ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

