අනුරාධපුර පුද බිමේ ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක්, තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව මෝසමක් මගින් (04) දින යළි කැඳවයි.
15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂණවරයා වෙත යවා එකී රස පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කර ඇත.
ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ උපදෙස් මත නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපතිවරයා 22424/2026 බී අංක දරණ නඩුව මෝසමක් මගින් (04) යළි කැදවු අවස්ථාවේ අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇත.
එහිදී මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ගම්පහ කොට්ඨසාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කර ඇත.
ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව කියන 15 හැවිරිදි දැරියගේ රුධිරය සහිත ඇඳුම් මෙලෙස මෙම අපරාධමය සිද්ධියට අදාළව නඩු භාණ්ඩ ලෙස නම් කර රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අධිකරණ නියෝග ලබාදී ඇත.
මෙම අපරාධයෙන් අනතුරුව එම ඇඳුම් දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් සොයා ගෙන ඇත.
කෙසේ වෙතත් බාල වයස්කාර දරුවෙකු ලිංගික හිංසනයන්ට ලක්කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී පැය 24ක් ඇතුළත විමර්ශන ආරම්භ කළ යුතු අතර එකී විමර්ශන වලදී හෙළිවන තොරතුරු මත යම් සැකකරුවෙකු හෝ සැකකරුවන් පිළිබඳව අනාවරණ වන්නේ නම් එම සැකකරු හෝ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩංගුවට ගෙන අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
එහෙත් විහාරාධිපති හිමිනම සමිබන්ධ සිද්ධියේදී සැකකාර හිමිනම පදිංචි ස්ථානයට ගොස් විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ සටහන් කර ගැනීම තුළින් විමර්ශන කණ්ඩායම් එම හිමිනමට විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්නේද.?

