පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීමට අදාළ මෝසම අද (05) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.
අනතුරුව නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන (12) වනදා සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (05) අල්ලස් කොමිසමට නියම කළේය.
තවද මහේස්ත්රාත්වරයා මෙම මෝසම ලබන (12) වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
