අද (30) දින ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සහ අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
කෙසේ වෙතත් විදුලිය විසන්ධි කර ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
