සුරේෂ්⁣ සලේගේ පාස්කු ගේම් එක හෙළිවෙයි.. විශේෂ අනාවරණයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ 2019.04.21 දින පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදුකිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (10) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සති තුනකට පමණ පෙර මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමුකර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිහිටි දේවමෙහෙයන් වලට සහභාගී වන පුද්ගලයින්ගේ සංඛ්‍යාවත්, ඇතුළු සංවේදී තොරතුරු රැස්කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

සුරේෂ් සලේ විසින් මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල සංවේදී තොරතුරු රැස්කිරීමට යොමුකළ මුස්ලිම් ජාතිකයින් අතර සිටි ප්‍රධාන පුද්ගලයාගේ ඡායාරූපය සාක්ෂිකරු විසින් අපරාධ වාර්තා කොට්ඨාශයේ ඉස්ලාම් අන්තවාදී බවට හදුනාගත් අවශ්‍ය කරන සැකකරුවන්ගේ ඡායාරූප අතර තිබී හදුනාගැනීම හා එම හදුනාගත් පුද්ගලයා ISIS මතවාදියෙකු බවටත් ඔහු පාස්කු ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදන් වී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

සහරාන් හෂීම් ඇතුළු තවුහිත් ජමාත් සංවිධානයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට යුද්ධ හමුදා බුදධි අංශය විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බුද්ධි තොරතුරු කරවෙකු විසින් දැනුවත් කර තිබීම හා එම බුද්ධි තොරතුරු සම්බන්ධව යුධ හමුදා සන්නද්ද අංශයේ බුද්ධි අංශ මගින් නොසලකා හැරීම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට අවකාශය සැලසුණු බව හා පාස්කු ප්‍රහාර මාලාව යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීම යටතේ සිදුවුවක් බව එම බුද්ධි තොරතුරු කරු විසින් හමුදා බුද්ධි අංශ වෙත දැනුම් දීමෙන් පසුව එම බුද්ධි තොරතුරුකරුව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිට පසුකාලීනව මුසාහැර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

මුදාහැරීමෙන් පසුව සුරේෂ්⁣ සලේ විසින් එම බුද්ධි තොරතුරුකරු කොළඹ ගලදාරී හෝටලයට ගෙන්වා ගෙන ඔහු හමුවී, ඔහු සමග කරුණු සාකච්ජා කර පසුව ඔහුගෙන් සමාව ඉල්ලා ඇති බව තොරතුරු අනාවරණ වී ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

විමර්ශනයට අදාළව පැමිණිල්ලට විෂය මුලික වු මොහොමඩ් මීලාර්, මොහොමඩ් හන්සීර් නොහොත් අසාත් මවුලානා යන අය විසින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවේ වැඩසටහනකදී හෙළිකරන ලද කරුණු අනුව සුරේෂ්⁣ සලේ යන අය විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කිරීමට අවශ්‍ය පසුබිම සැලසුම් සහගතව සකස් කළ බව තහවුරු වී තිබෙන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ඒ අනුව මෙරට ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් කරමින් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඝාතනය කර, පුද්ගලයින් විශාල ප්‍රමාණයකට බරපතල ලෙස තුවාල සිදුකර, අතිවිශාල දේපල හානියක් සිදුකරමින් මෙරට ආර්ථිකයට සෘජු බලපෑමක් කරමින්, මෙරට ජාතීන් හා ආගම් අතර සම්බන්ධතාව බිඳ දමමින් 2019.04.21 දින පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හා ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකරකම් පිළිබඳව මෙරට සන්නද්ධ හමුදා බුද්ධි ප්‍රධානි සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි ලෙස කටයුතු කළ විශ්‍රාමික සුරේෂ්⁣ සලේ යන සැකකරු පුර්ණ දැනුවත් භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බව අනාවරණය වී ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරයේ අතිශය සංවේදී හා ආන්දෝලනාත්මකට තුඩුදුන් කරුණු හෙළිදරව් වීම වැලැක්වීමට කටයුතු කර ඇති බවත් ඒ තුලින් සුරේෂ්⁣ සලේ යන සැකකරු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ වගන්ති යටතේ ගැනෙන වැරදි සිදුකරමින් සෘජු හා වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම ක්‍රියාකාරකම් සිදු කිරීමට යැවු පුද්ගලයින් කණ්ඩායම හෙළිදරව්වීම වැලැක්වීමට කටයුතු කර ඇති බවද අනාවරණය වී ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

Advertisements
Advertisements
3 Comments
Most Voted
Newest Oldest