Advertisements

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 42ක් රෝහලේ

අද (27) දින අලුයම කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.

දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අද අලුයම 1.10ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරකින් පුද්ගලයින් 42 දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් 42ක් රෝහල් ගත කර ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඩබ්ලිව්. කේ.එල්.එම්. වීරසේකර සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest