ආහාර, ජලය නොගෙන අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර, පසුව එම උපවාසය නතර කළ සුරේෂ් සලේ දැවැන්ත අධිෂ්ඨානයක් ඇති පුද්ගලයෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.
අධිෂ්ඨානය, මානසික ශක්තිය ඇති සුරේෂ් සලේගෙන් මුරපද ඉල්ලපු අයට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අනාගත ආණ්ඩුවකදී අනිවාර්යෙන් දඬුවම් කරන බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,
“සුරේෂ් සලේ මහත්මයා ජුනි මස (05) වැනිදා පටන් ගත්ත උපවාසය නතර කරා කියන්නේ, දින 26ක් අඛණ්ඩව උපවාස කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දැවැන්ත අධිෂ්ඨානයක් ඇති පුද්ගලයෙක්ට පමණයි එතරම් කාලයක් ආහාර, ජලය නොගෙන උපවාසයක ඉන්න පුළුවන්.”
“අපේ රණවිරුවගේ තියෙන අධිෂ්ඨානය, මානසික ශක්තිය පිළිබිඹු කරපු දුර්ලබ අවස්තාවක් විදිහටයි දකින්නේ. ඔහුගෙන් මුර පද ඉල්ලලා ආණ්ඩුව කියනවා මුරපදය දීලා දැම්මනම් ඉවරයි කියලා.
හැබැයි නලින්ද ජයතිස්ස ඇමතිතුමා, සිරිල් ගාමිණී පියතුමා වගේ මුරපද ඉල්ලපු අයට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අනාගත ආණ්ඩුවකදී අනිවාර්යෙන් දඬුවම් කරනවා. සැකකරුවෙකුට විමර්ශනයට සහාය දෙන්න කියලා බල කිරීම අයුතු බලපෑමක්.”
