පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගය සඳහා අගෝස්තු මස (31) වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර තිබූ පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව ඉදිරියේ කැඳවනු ලැබීය.
මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාව වන විටත් ඔහු රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව රජයේ සේවකයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීතියට පටහැනි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසුකමක් බව අදාළ පෙත්සමේ සදහන් කර ඇත.
