සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් මෙම සංශෝධන නියෝග නිකුත් කර ඇති අතර ඒවා ජුනි (23) දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
ඒ අනුව සීනි අන්තර්ගත දියර ආහාරවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන් හඳුන්වා දී ඇත.
තවද වීදුරු බෝතල්වල ඉඩකඩ සීමිත අවස්ථා වල භාවිත කළ හැකි විකල්ප ලාංඡනයක් හඳුන්වා දී ඇත.

