පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවරා ඇති සිවිල් නඩුවලින් මුලාරම්භයේදීම තමන්ව මුදා හරින ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කළ ඉල්ලීම සිවිල් අභියාචන මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඔවුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ විභාග වන නඩු කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය නියෝග කළේය.
