Advertisements

ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව අද (03) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩුකර ඇත.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 4,465කි. 

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,792කි. 

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 835කි.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest