Advertisements

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස (03) වන දින සිට (23) වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් යොමුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළයුතු අතර හැඳුනුම්පත නොමැති අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීම සිදුකළ යුතුයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest