ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් පරිදි සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සෘජු අධීක්ෂණය යටතේ, දැඩි අවදානමක් පවතින බස්නාහිර පළාතකෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංවිධානය කළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (04) පෙරවරුවේ සිට ආරම්භ කෙරේ.
මෙම පුළුල් මහජන සෞඛ්‍ය වැඩසටහන බස්නාහිර පළාත පුරා පිහිටි ආයතන සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය බලධාරීන්, පළාත් පාලන ආයතන සහ ප්‍රජා සංවිධාන සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් මෙම මර්දන කටයුතු සඳහා විශාල වශයෙන් යොදවා තිබේ.
එහිදී, පුළුල් පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගෙන ඒවා විනාශ කිරීම, අවහිර වූ කානු පද්ධති පවිත්‍ර කිරීම සහ අධි අවදානම් කලාපවල වෙසෙන මහජනතාව දැනුවත් කිරීම සඳහා ක්ෂේත්‍ර දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙය වීම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරනු ලබයි.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මෙම ප්‍රජා සුබ සාධන වැඩසටහන මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ පොදු ජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන ජාතික යාන්ත්‍රණයට සහාය වීමෙහිලා මෙම සුවිශේෂී කාර්යභාරය ඉටු කරනු ලබයි.
