දේශපාලනයෙන් සමුගැනීමට තමන් සූදානම් නොමැති බවත් තමන් තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
තමන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙය ප්‍රමාණවත් නොවන බව තමාට හැඟෙන බවත් ඉදිරියේදී හිටපු මැති ඇමතිලා සමඟ දේශපාලන ගමනක් යන්න බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
2029 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තම පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ ජනතාව බලාපොරොත්තු වන චරිතය බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
