ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනයට අවශ්‍යය කටයුතු සම්පාදනය සඳහා සාකච්ඡාවක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී අද (04) දින පැවැත්විණි.
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කෙරිණි.
මෙම මෙහෙයුම ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරයි.
සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත පාර්ශ්ව රැසකගේ ඒකාබද්ධ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නංවා ගනිමින් බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ම ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම අධිඅවදානම් කලාප පහත පරිදි වේ.
*කොළඹ දිස්ත්‍රික්කය (MOH -10) :- මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල, කොළඹ මහනගර සභාව-D1, D3, D4
*ගම්පහ දිස්ත්‍රික්කය (MOH -8) :- බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මිගමුව, මිනුවන්ගොඩ
*කළුතර දිස්ත්‍රික්කය (MOH -5) :- පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කළුතර
