Advertisements

මම ෆේස්බුක් යන්නේ නැත්තේ ඒකේ ඉන්නේ මෝඩයෝ.. බුද්ධිමත් අය නෑ

තමන් ෆේස්බුක් යන්නේ නැත්තේ මෝඩයෝ ටිකක් ඒකෙ ඇතුලේ ඉන්න නිසා බවත් එය බුද්ධිමත් මිනිස්සූ සටන් කරන භූමියක් නොවන නිසා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ,

මේ ආණ්ඩුව කරන්නේ විවිධ අයව අල්ලගන්නවා. උදාහරණයක් ගත්තොත්, සුගීෂ්වර බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නය. කොළඹ මහ දවාලේ පාරමැද්දේ වාහනය නතර කරලා ඔහුව පටවගෙන යනවා.

මේ වගේ විපක්ෂයේ ඉන්න හැම කෙනාම අරගෙන එක්කෝ ඔහු ජාතිවාදයෙක් කියනවා. එක්කෝ ඔහු හොරෙක් කියනවා. එක්කෝ ඔහු අපරාධකාරයෙක් බවට පත්වෙනවා. නැත්තම් කුඩු කාරයෙක් බවට පත්වෙනවා. නැත්තම් ත්‍රස්තවාදියෙක් බවට පත්වෙනවා.

මේ කරුණු තුන මත දේශපාලඥයන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඇතුළට තල්ලු කරමින් දවස ගානේ ඉන්නවා. එතකොට මම හොරෙක් වෙලා යන්නේ. කවුද මාව නිදහස් කරන්නේ. ඒක තමයි මම කාරණයක් විදිහට කිවුවේ.

මම ෆේස්බුක් යන්නේ නැත්තේ මොකද, මෝඩයෝ ටිකක් නේ ඒකෙ ඇතුලේ ඉන්නේ. බුද්ධිමත් මිනිස්සූ සටන් කරන භූමියක් නෙමෙයි ඒක. ඒනිසා ඒකට මම ගිහිල්ලා බලන්නේ නෑ. ඒකාබද්ධ අපේ විපක්ෂයේ ඉන්න සියලුම දෙනා අරගෙන මේකට දාන්න පුළුවන්.”

Advertisements
Advertisements
5 Comments
Most Voted
Newest Oldest