Advertisements

රටේ ආර්ථිකය වේගයෙන් හදන්න පාලන බලය ගන්න බැරුව අපි ඉන්නේ

රටේ ආර්ථිකය හදන්න පුළුවන් වැඩකාරයෝ සහ දක්ෂයෝ ඉන්නේ සමගි ජන බලවේගයට විතරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.

එනිසා හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් සහ මුජිබර් රහුමාන් ඇතුළු කණ්ඩායම එකතු කරගෙන ආර්ථිකය ඉස්සරහට වේගයෙන් ගෙනියන්න පාලන බලය ගන්න බැරුව මේ මොහොතේ සිටින බවද මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.

මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ,

විවෘත ආර්ථිකය නැමැති පදනම මත හදන සැලසුමකින් විතරයි මේ රට ඩොලර් 14,000 පන්නලා ගෙනියන්න පුළුවන්. එහෙම නම් විවෘත ආර්ථිකය පිළිගන්න දේශපාලන පක්ෂ කීයක් ලංකාවේ තියෙනවාද.? දෙකයි.

එකක් සමගි ජන බලවේගය. අනිත් එක එක්සත් ජාතික පක්ෂය. අවශ්‍ය කරන්නේ ඩොලර් 4,000 රට, 14,000⁣ට ගෙනියන්න නම්, ඒ ගෙනියන සැලසුම හදන්න වෙන්නේ විවෘත ආර්ථිකය කියන පදනමේ නම්. විවෘත ආර්ථිකය පිළිගන්න පක්ෂ තියෙන්නේ දෙක නම්.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය. මේ පක්ෂ දෙක නැතුව 4,000හ 14,000ට ගෙනියන්න බෑ. මේ වැඩේ කරන්න මිනිස්සූ ඕනි. කොයි පක්ෂයටද මේ මොහොතේදී වැඩකාරයෝ ඉන්නේ. දක්ෂයෝ ඉන්නේ. සමගි ජන බලවේගයට විතරයි.

මම කණගාටු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි, හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන්ලා, මුජිබර්ලා කණ්ඩායම එකතු කරගෙන ආර්ථිකය ඉස්සරහට වේගයෙන් ගෙනියන්න පාලන බලය ගන්න බැරුව අපි ඉන්නේ.”

Advertisements
Advertisements
5 Comments
Most Voted
Newest Oldest