පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමුකර ඇත.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම ලිපිය යවමින් ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ දරමින් නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමට එරෙහිව සමස්ත ප්රජාතන්ත්රවාදය අගයන පක්ෂවල නැගී සිටීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.
වත්මන් ආණ්ඩුව මේ වනවිට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට උත්සාහ දරණ බවට තමන්ගේ විශ්වාසය බවද මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
එනිසා සියලු ප්රජාතන්ත්රවාදය අගයන පක්ෂ මෙම පත්ව ඇති බැරෑරුම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවීමක් කරන ලෙස මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියි.

