Advertisements

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්.. අධිකරණයෙන් නියෝග

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස (30) වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර තිබෙන්නේ වාහන සඳහා බව විමර්ශකයින් ප්‍රකාශ කර ඇති බවයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යලි සැප්තැම්බර් මස (30) වනදා කැඳවන ලෙසත් එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙසද රජයේ නීතිඥවරියට නියම කළේය. 

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest