එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජාත්‍යන්තර පුරෝකථන ආයතන විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව එය පැහැදිලි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.
මේ වනවිට එල්නිනෝ තත්ත්වයේ බලපෑම මෙරට කාලගුණයට බලපෑම් කිරීම ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.
ඒ අනුව නිරිත දිග මෝසම් වැස්ස අඩු වී ශරීරයට දැනෙන උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවද අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.
