පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස (09) වන ඉරිදා දිනයේදී දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, අද (23) දිනයේ සිට අගෝස්තු (03) වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසල් විසින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති බවත් එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු වල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම්, එම සංශෝධන අදාළ කාලසීමාව තුළ මාර්ගගතව සිදුකළ හැකි බවද සඳහන් කරයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” වෙත පිවිසීමෙන් හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අදාළ සංශෝධන සිදු කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

