Advertisements

පූජිත් සහ හේමසිරිට එරෙහි නඩුවේ තීන්දුව අද

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල වී ඇත.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙන අතර එහි තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest