මෙරට පොදු ප්රවාහනයේ නව පරිවර්තනයකට තවත් ශක්තිමත් පියවරක් ලෙස ආනයනය කළ පතුල පහත් මෙට්රෝ (Metro) බස් රථ 104ක් මේ වනවිට ශ්රී ලංකාවට සාර්ථකව ළඟා වී ඇත.
රටේ ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්රවාහන සේවාවක් වෙනුවෙන් මෙරටට ආනයනය කළ මෙට්රෝ බස් රථ 104 ධාවනයට සුදානම් කර ඇත.
ඒ අනුව නව මෙට්රෝ බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට මගී ප්රවාහනයට යොදවන බවත් එම බස් නඩත්තුව සහ කළමනාකරණය සඳහා ඩිපෝ හතරක් පිහිටුවන බව මෙට්රෝ බස් සමාගමේ සභාපති, යූ.පී තිලකරන්න සඳහන් කරයි.

