Advertisements
Advertisements

තව මාස කිහිපයයි.. අලුත්ම වෙනසකින් එන විදුලි දුම්රිය

LIVE

නව විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු ලබන වසරේදී සිට ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කරයි.

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන අතර ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ,

අපි ගෙනාවා මෙට්‍රෝ බස්. කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවලට දැන් මෙට්‍රෝ බස් යනවා. ඉතා හොඳ පහසුකම් යටතේ යන්නේ. බස් ගෙනාවා, බස් ගැමුණුට එළාර වැහෙනවා. ගැමුණු කෑගහනවා.

මං අහගෙන ගැමුණු කියනවා මේ ආණ්ඩුවක් ඇවිල්ලා ආණ්ඩුවේ ප්‍රවාහන සේවය ශක්තිමත් කරනවා කියල. ඉතින් අපි ආවේ ඕකටනේ. ඇයි ඔයා කලබල වෙන්නේ. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. අපි මේ රට හදනවා.

අපි විදුලි දුම්රිය මාර්ග ආරම්භ කරනවා ලබන අවුරුද්දේ. මරදානෙන් පටන් අරන් නගරාසන්න විදුලි දුම්රිය මාර්ග. ඔබට පුළුවන් වෙනවා බෙලියත්තෙන් රුහුණු කුමාරි නැග්ගොත් පානදුරෙන් බැහැලා විදුලි දුම්රියෙන් යන්න.

අපි ඒ සැලැස්ම හදනවනේ. අපි ලබන අවුරුද්ද වෙනකොට පටන් ගන්නවා. ඇයි මිනිස්සුන්ට හොඳ ප්‍රවාහනයක් ඕනේ නැද්ද. ලෝකයේ තියෙන හොඳ දේවල් ගෙනත් දෙන්න ඕනේ නැද්ද. ගෙනත් දෙන්න ඕනේ. ඒගොල්ලෝ විතරද යන්න ඕනේ.

අපි හයිවේ හදනවනේ. අවුරුදු ගානක් තිස්සේ නුවරට යන්න විදියක් නැහැ. කටුනායක මීරිගම. ඒ පාරේ ඉතුරු ටික හැදුවේ නැහැ. අන්න අපි හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ අපිට ගොඩක් දේවල් අවසන් කරගන්න පුළුවන්.

මෙහෙ ඉඳලා පැයක් යනවා නම් කටුනායක ඉඳලා මීරිගමට යන්න පැය දෙකක් විතර ඉන්නවා, අර පොඩි ප්‍රමාණය. අපි හදන්න පටන් ගත්තා. අපේ රටේ ජනතාවගේ බදු සල්ලි එක සත පහක් ණයට ගත්තේ නැහැ,

හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මේ බව සඳහන් කරයි.

3 Comments
Most Voted
Newest Oldest