Advertisements
Advertisements

ශිරානි බණ්ඩාරනායක සිද්ධියත් එක්ක මහින්දගේ ආණ්ඩුව කඩා වැටුනා

LIVE

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශිරානි බණ්ඩාරනායක සිද්ධිය හේතුවෙන් යම් පසුබෑමකට ලක්වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

කුරුණැගල පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

දේශපාලන ව්‍යාපාර බිදවැටෙන්න හේතු ගොඩක් තියෙනවා. සමහර ඒවායේ ආණ්ඩු විසින් ගන්න තීන්දු තීරණ බලපාන අවස්ථාවන් තියනවා. සමහර ඒවට ඒ එක්කම, පහුගිය ආණ්ඩුවල කාලසීමාවක් තුළදී ආපු කාරණාත් තියනවා.

හැබැයි ඉස්සරහට ඉතිහාසය කෙසේ වෙතත් අනාගතයේදී ඕනෑම දේශපාලන බලවේගයක් බිඳවැටෙන්න පුළුවන් දේශපාලන බිඳවැටීම් ඉතිහාසෙම වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණය පද්ධතිය එක්ක හැප්පෙන එකෙන්.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙත් ශිරානි බණ්ඩාරනායක සිද්ධියත් එක්ක අපි යම් පසුබෑමකට ලක්වුණා. එතන තමයි අපේ වැටීම පටන් ගත්තේ.”

1 Comment
Most Voted
Newest Oldest