LIVE
නුවරඑළිය ග්‍රෙගරි වැව අසල සිටි පෝනියෙකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් පෝනි සංචාර සඳහා යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
අනතුරුව නුවරඑළිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති 26 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
