සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමාට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තමන්ගේ නම සහ ඡායාරූප යොදාගෙන තමාට එරෙහිව මඩ ප්‍රහාරයක් ක්‍රියාත්මක වන බවත් තමන් අවුරුදු 20ක් හදාගත්ත ප්‍රතිරූපයට විශාල හානියක් සිදුකර ඇති බවද හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.
මුදල් ඉපයීමේ පටු චේතනාවෙන් සමාජ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයන් දෙදෙනෙකු සහ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විසින් තමාට එරෙහිව මෙම අසත්‍ය චෝදනා එල්ල කර තිබෙන බවද හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.
වසර ගණනාවක් කැපවීමෙන් ක්‍රීඩා කර රටට ලබාදුන් ගෞරවය මෙන්ම මගේ බිරිඳ, දරුවන් සහ ඥාතීන්ගේ පෞද්ගලිකත්වයටත් මෙමගින් විශාල අසාධාරණයක් සිදුව තිබෙන බවද හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.
ඉදිරියේදී තම නීතීඥයින් හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බවද හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකරුවකු සමඟ තමන් සම්බන්ධ කරමින්, අයථා මූල්‍ය ගනුදෙනු හෝ වංචනික ක්‍රියාවල නිරත වන බවට හැඟවෙන පරිදි පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
