Advertisements
Advertisements

වෙඩි නොවදින වාහනයක් පැද්දට ඉන්ධන අවභාවිතා කළේ නෑ.. මම කියන්නේ ඇත්ත

LIVE

තමන් කථානායක ධුරය දැරූ සමයේ වාහන නවයක් භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමන් භාවිතා කළේ පාර්ලිමේන්තුව මගින් නිල වශයෙන් ලබාදුන් වාහන පමණක් බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

2015 සිට 2024 දක්වා කාලයේ පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දැරූ පුද්ගලයන්ගේ වාහන භාවිතය පිළිබඳව ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සම්බන්ධයෙන් මහජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරන බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

වාහන සහ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ අන්තර්ගත දත්ත, ඇතැම් පිරිස් විසින් දේශපාලන අරමුණු වෙනුවෙන් විකෘති කරමින් සමාජගත කරන බවද මහින්ද යාපා අබේවර්ධන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම වාහන සියල්ල ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ සහ රාජ්‍ය ප්‍රතිපාදනවලට අනුකූලව ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ලබාදුන් ඒවා බවත් “අධික පුද්ගලික ඉන්ධන භාවිතයක්” ලෙස අර්ථ දැක්වීම සත්‍ය විකෘති කිරීමක් බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

පසුගිය 2022 වසරේ ජූලි මාසයෙන් පසු රටේ පැවති සුවිශේෂී ආරක්ෂක තත්ත්වය හමුවේ, කථානායකවරයාගේ ආරක්ෂාව සඳහා අතිරේක භට පිරිස් සහ ආරක්ෂක රථ යෙදවීමට සිදුවූ බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන්, ඉන්ධන පරිභෝජනය ඉතා අධික, වෙඩි නොවදින (Bulletproof) රථයක් භාවිත කිරීමට සිදුවීම මෙම ඉන්ධන පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

රටේ තෙවැනි පුරවැසියා ලෙස දිවයින පුරා සිදු කළ නිල සංචාරයන් සහ ආරක්ෂක රථ පෙළපාලි සඳහා වැය වූ ඉන්ධන ප්‍රමාණය, සාමාන්‍ය පුද්ගලයෙකුගේ පුද්ගලික වාහන භාවිතය සමඟ සැසඳීම අවිද්‍යාත්මක බවද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

යම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අර්ධ දත්ත භාවිතා කරමින් සත්‍යය විකෘති නොකරන ලෙසද මහින්ද යාපා අබේවර්ධන ඉල්ලා සිටියි.

1 Comment
Most Voted
Newest Oldest