හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීමේදී සිදුකළ අක්‍රමිකතාවක් තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මනුෂ නානායක්කාරට එරෙහිව එම විමර්ශනය සිදු කළේය.
මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් දැනුම් දුන්නේ මනූෂ නානායක්කාරට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවයි.
අනතුරුව මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය යළි දෙසැම්බර් (18) වනදා කැඳවීමට නියම කළ අතර එදින මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසද අල්ලස් කොමිසමට නියම කළේය.
