Advertisements
Advertisements

අත්අඩංගුවට ගන්න ලොක්කෝ දාන්න වෙනම හිරගෙයක්

LIVE

මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරමින් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් රඳවා තැබීම සඳහා වැලිසර විශේෂ බන්ධනාගාරයක් ස්ථාපිත කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

අපේ රට වෙලාගෙන තියෙන ලොකු ප්‍රශ්නයක් කුඩු සහ අයිස්. මේවට සම්බන්ධ ඉහළ මට්ටමේ පාතාල නායකයෝ, ජාවාරම්කාරයෝ එකිනෙකා අරගෙන එනවා රටට. ගෙනල්ලා විමර්ශන කරනකොට සම්බන්ධ ජාල හෙළිදරව් වෙනවා.

සමහර පොලීසියේ කට්ටියත් එක්ක, බන්ධනාගාර කට්ටියත් එක්ක, දේශපාලඥයින් එක්ක, ප්‍රසිද්ධ චරිතත් එක්ක තිබුණු සම්බන්ධකම් හෙළිදරව් වෙනවා. ඒවට අනුව පරීක්ෂණ සිදු වෙනවා. ඒ ගෙන එන ලොක්කෝ ටික දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාරයක් හදලා තියෙනවා.”

ජන හමුවක් අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest