වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපල තහනම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිදුකරන ලද විමර්ශන 113කට අදාළව අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපල තහනම් කළ බව පොලීසිය සඳහන් කරයි.
ඉන්, රුපියල් මිලියන 5423ක දේපල, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 102 දෙනෙකුට අයත් ඒවා බවද පොලීසිය සඳහන් කරයි.
තවද, තහනම් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකුට පමණක් අයත් දේපලවල වටිනාකම, රුපියල් මිලියන 209ක් වන බවද පොලීසිය සඳහන් කරයි.
පීරමීඩ වංචා, ළමා අපයෝජන, පුපුරණ ද්‍රව්‍ය සහ විවිධ වංචාවලට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකුට අයත් රුපියල් මිලියන 367ක දේපල තහනම් කර ඇති බවද පොලීසිය සදහන් කරයි.
අපරාධකරුවන්ගේ තහනම් කළ දේපළ පහතින්..
*රුපියල් මිලියන 1437ක් වටිනා නිවාස 55ක්
*රුපියල් මිලියන 1322ක් වටිනා ඉඩම් අක්කර 138ක්
*රුපියල් මිලියන 1171ක් වටිනා වාහන 142ක්
*රුපියල් මිලියන 428ක් වටිනා බැංකු ගිණුම් 27ක්
*රුපියල් මිලියන 305ක බහුදින ධීවර යාත්‍රා 12ක්
*රුපියල් මිලියන 250ක ගොඩනැගිලි 8ක්
*රුපියල් මිලියන 214ක කඩ කාමර 21ක්
*රුපියල් මිලියන 239ක විවිධ වර්ගයේ දේපල
*රුපියල් මිලියන 168ක රත්තරං
*රුපියල් මිලියන 461ක මුදල්
මේ අතර පසුගිය 2024 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට මේ දක්වා විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් 66 දෙනෙකු දිවයිනට රැගෛනවිත් ඇතැයි පොලීසිය සදහන් කරයි.
