Advertisements
Advertisements

ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්

LIVE

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කිරීම මත, ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය ප්‍රකාශයක් කර ඇත.

ඒ අනුව ඉන්ධන මිල අඩු කළද, ත්‍රීරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කළේ,

අපිට කියන්න තියෙන්නේ, පැරණි මිලම තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. නීත්‍යානුකූල මිලක් එනකං. ඒ කියන්නේ පළවෙනි කිලෝමීටරයේ 110ක්, දෙවෙනි කිලෝමීටරයේ රුපියල් 90ක් කියන සීමාව තුළ තමයි අපිට ඉන්න වෙන්නේ.

නමුත් මහා මාර්ගයේදී සාමාන්‍ය ත්‍රිරෝදරථ භාවිතාවේදී, ඒ මිල ගණන්වලට නෙමෙයි, රුපියල් 110,120 ආදී වශයෙන් තමයි මිල අය කරන්නේ. නමුත් එතනදී තාම නීතියක් විදියට මේක ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමයි ඔය තත්වයටම පත් වෙලා තියෙන්නේ.

අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් මේ අදාළ නියාමනය යටතේ මේ මිල ගණන් එයි කියලා.

1 Comment
Most Voted
Newest Oldest