Advertisements
Advertisements

රනිල් වික්‍රමසිංහ කියන දේවල් පට්ටපල් බොරු

LIVE

2028 වසරේදී විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව රට වැටෙන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරන ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති බොරුවක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

වැරදි දත්ත පදනම් කරගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බොරු ප්‍රකාශ සිදු කරන බවත් කිසිදු අවස්ථාවක රට වැටෙන්නේ නැති බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ,

තෙල් ආනයය කරන්න අපි ලොකු මුදලක් වැය කරනවා. මේකට විසඳුමක් විදිහට අපි කළේ QR කෝඩ් එක හඳුන්වා දීම විතරයි. අපි අපේ සංචිත කඩා වැටෙන්න නොදී ආරක්ෂා කළා. මෙහෙම තියෙත්දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා කියනවා 2028 දී ණය ගෙවා ගන්න රට වැටෙනවා කියලා. මේක කිසිදු පදනමක් නැති පට්ටපල් බොරුවක්.

ඉදිරි අවුරුදු 05 කාලය සැලකීමේදී ගිය අවුරුද්දේ තමයි අපිට වසරකදී ගෙවන්න තිබුණ වැඩිම ණය මුදල ගෙවන්න තිබුණේ. ඒ ඩොලර් බිලියන 3.9 ක්. අපි ඒක ගෙව්වා. මේ වසරේ ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 3.7 යි. ලබන වසරේ ඩොලර් බිලියන 2.5 යි.

2028 දී ‌ඩොලර් බිලියන 3.3 යි. 2030 දී ඩොලර් බිලියන 3.5 යි. 2031 දී ඩොලර් බිලියන 3.4 ක්ද 2032 දී ඩොලර් බිලියන 3.3 ක්ද ගෙවන්න තියෙනවා. ගෙවන්න තියෙන ලොකුම ගාන පහුගිය අවුරුද්දේ ගෙව්වා නම් මේ වනවිට රටේ ආදායම් වැඩි වෙනවා නම් අපිට ඉදිරි ණය මුදල් ගෙවන්න බැරි වෙන්නේ කොහොමද.? වැරදි දත්ත මත තමයි රනිල් වික්‍රමසිංහ මේ වගේ බොරු ප්‍රකාශ කරන්නේ.

වත්තේගම පැවැති රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest