Advertisements
Advertisements

පිස්තෝලයෙන් සෙල්ලම් දැමු මහින්දගේ මිතුරා හදිසියේම මියගිය හැටි

LIVE

පසුගිය 2014 වසරේ මාර්තු මාසයේදී අම්බලන්තොට පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදීමට සහ පැහැරගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමකට අදාළව 2015 වසරේදී එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට පත්වූ අතර පසුව ඇප මත නිදහස් විය.

තවද 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ හම්බන්තොට බස් නැවැතුම්පොළ අසල පැවැති “වීදියේ විරෝධය” වීථි නාට්‍ය කණ්ඩායමකට සහ විපක්ෂයේ විරෝධතාවයකට පහරදීමේ සිදුවීමකට අදාළව එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.

පසුගිය 2014 අප්‍රේල් (17) වැනිදා මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ කටයුත්තක නිරත වූ එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර සහ ආර්.යෝගරාජන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමකට සහ මාධ්‍යවේදීන්ට එහි ප්‍රදේශවාසීන් සහ වරාය සේවකයන් පිරිසක් ගල් හා බිත්තර ප්‍රහාර එල්ල කරමින් විරෝධය පළ කළේය.

එහිදී එරාජ් ප්‍රනාන්දු අතැතිව තිබූ ගිනිඅවියක් මන්ත්‍රීවරුන් දෙසට යොමු කරමින් ලුහුබඳින ආකාරය මාධ්‍ය මගින් වීඩියෝ ගත කර තිබුණ අතර පසුව එය සෙල්ලම් පිස්තෝලයක් බවත් තමන් එම ස්ථානයට පැමිණියේ මන්ත්‍රීවරුන් ප්‍රහාරයෙන් බේරාගැනීමට බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම සිදුවීමට අදාළව පවරා තිබූ නඩුවේ තීන්දුව පසුගිය 2019 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරමින් හම්බන්තොට මහාධිකරණය විසින් ඔහුට වසර පහක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ දඩ මුදල් නියම කළ අතර පසුව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරුණේය.

එරාජ් ප්‍රනාන්දු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදි 2014 වසරේදී හම්බන්තොට නගරාධිපති ධුරයට පත්වූ අතර අනතුරුව 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව දෙවන වරට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්විය.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සිරුර ඔහුට අයත් බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළදී අද (02) දින සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

එරාජ් ප්‍රනාන්දු සියදිවි හානිකරගත් බවට වාර්තා වුවද, ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

0 Comments
Most Voted
Newest Oldest