LIVE
පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂක ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීම හේතුවෙන් එම අධ්‍යක්ෂ ධූරය පුරප්පාඩුව පැවතිණි.
මේ අතර එම දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශානි අබේසේකර එම දෙපාර්තමේන්තුවේම ඊට ඉහළ තනතුර වන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීමක් ලබා ඇත.
ඒ අනුව ශානි අබේසේකර එම දෙපාර්තමේන්තුවේ සියලු රාජකාරී සහ වැඩ කටයුතු අධීක්ෂණය කරමින් එම දෙපාර්තමේන්තුවේම කටයුතු කරයි.
