Advertisements

මෛත්‍රීට කලින් ජනාධිපති වෙන්න ආරාධනා කලේ මට.. ආදරය නිසා මම බෑ කීවා

LIVE

පසුගිය 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේනට කලින් ආරාධනා කලේ තමන්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සරයට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ,

සියලුදෙනා සමගි වෙලා තරුණ කණ්ඩායමක් මේ පක්ෂය බාරගන්න. ඕනම වෙලාවක මගේ තනතුරු බාරදීමට මම ලෑස්ති පුද්ගලයෙක්. මම ඉන්නේ පක්ෂයට තියෙන ආදරය නිසා.

ඔබ දන්නවා 2015 මැතිවරණයේදී අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂය දාලා ගිහිල්ලා පොදු අපේක්ෂකයා වුණා. එතුමාට ඉස්සෙල්ලා ආරාධනය ආවේ මට.

නමුත් මම ජනාධිපතිකමට වඩා පක්ෂයට ආදරය කළා. ඒනිසා තමයි අදත් මේ පක්ෂයේ ඉන්නේ. මේ වැඩකටයුතු කරන්නේ. පක්ෂයට තියෙන ආදරය නිසා.”

0 Comments
Most Voted
Newest Oldest