LIVE
විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වන නඩුව අද (03) දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව කැඳවු අවස්තාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි විභාගය සඳහා ලබන (22) වනදා කැදවන ලෙසත්, එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.
පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.
