LIVE
පසුගියදා අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය අද (04) දින සොයාගෙන ඇත.
පසුගිය අගෝස්තු මස (15) වන දින නාවික වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමග අනතුරට ලක්විය.
එම අවස්ථාවේදී එහි සිටි නාවික නිලධාරීන් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ දේශීය ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරාගත් අතර එහි එක් නිලධාරියෙකු අතුරුදන් වී සිටියේය.
අනතුරුව එම අතුරුදන් නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සහ වෙරළ තීරයේ, පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.
