LIVE
දැවිතෙල් සහ නැප්තා මිල ගණන් අඩු කිරීම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
ඉදිරි විදුලි බිල සංශෝධනයේදී එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,
“දැවිතෙල් සහ නැප්තා මිල අඩු කිරීම සැලකිල්ලට අරගෙන විදුලි බිල මිල තීරණය කිරීමේදී එහි වාසිය විදුලි පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා කටයුතු කරන්න පුළුවන්ද කියන එක අපි සලකා බලනවා.”
මේ අතර ගල්අඟුරු පිළිබඳව හිග තාවයක් පවතින්නේ නැති බවත් ගල්අඟුරු පදනම් කරගනිමින් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
