LIVE
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ අනුරාධපුර පැවැත්වෙන ජන රැළිය නිසාම කියා හරියටම කිව නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මීට පෙරත් බන්ධනාගාරගත කර සිටි බවත් එය අලුත් දෙයක් නොවන බවත් ඉදිරියේදී ඇප ඉල්ලන්න බලාපොරොත්තු වන බවද මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මුණ ගැසීම සඳහා බන්ධනාගාරය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ,
“ඒක කියන්න බෑ ඉතිං. ඒක හරියට කියන්න බෑ ඉතිං. ඒක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. කොහොමහරි ඇතුලේ. ඇප ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඇප දීමේ වගකීම තියෙන්නේ.
මේක අලුත් දෙයක් නෙමෙයි. මීට ඉස්සල්ලාත් නාමල් හිටියා ඇතුලේ. මාත් ඉදලා තියෙනවා නේ ඇතුලේ. පොහොට්ටුවේ කිසිම පසුබෑමක් නෑ. ඉදිරියට යන එකක්.“
