Advertisements

නාමල්ගේ ජීවිතය අනතුරේ.. බන්ධනාගාරය ඇතුලේ ඝාතනය කිරීමට සැරසෙයි.?

LIVE

බන්ධනාගාරය තුළ ගැටුමක් නිර්මාණය කර, එම ගැටුම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජීවිතයට හානියක් කරන්න යම් පිරිසක් උත්සාහ කරන බව පොදුජන තරුණ පෙරමුණ පසන් කස්තුරි සඳහන් කරයි.

එනිසා මරණ තර්ජන සහ බන්ධනාගාරය ඇතුලේ ඝාතනය කිරීම යන සැලසුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කළ බවද පසන් කස්තුරි සඳහන් කරයි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසන් කස්තුරි සඳහන් කළේ,

පැය 24ක් යන්නත් මත්තෙන් අපි දැක්කා සංවිධානාත්මකව ප්‍රචාරයක් අරගෙන යනවා, යම් ආකාරයකට තර්ජනයක්. ඒ තමයි බන්ධනාගාරය තුළ යමිකිසි ගැටුමක් නිර්මාණය කරලා, ඒ ගැටුම හරහා එතුමාගේ ජීවිතයට හානියක් කරන්න යම් පිරිසක් උත්සාහ කරනවා.

මේ පිළිබඳව පැහැදිලිව මීට වැඩිය බරපතල තර්ජනාත්මක වචන වලින් සමාජ මාධ්‍ය පුරාවට ප්‍රචාරයක් අරගෙන යනවා. යම් පීඩනයක් එල්ල කරනවා. තර්ජනයක් එල්ල කරනවා. එනිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොදුජන පෙරමුණ හැටියට පැමිණිල්ලක් කරා.

මේ මරණ තර්ජන කරන්න, බන්ධනාගාරය ඇතුලේ ඝාතනය කරන්න වගේ සැලසුම් සංවිධානාත්මකව කරන පුද්ගලයන් කවුද කියලා බැලුවාම අපිට හැගෙනවා යම්කිසි පක්ෂයක කාඩර් එකක් විසින් තමයි මෙය කරන්නේ.”

4 Comments
Most Voted
Newest Oldest